Selected Name List Western Province Graduate Teaching Appointment 2021

Western Province Graduate Teaching Appointment - 2021
Advertisement
Continue Reading Below

Awarding of Graduate Teacher Appointments in the Western Province Public Service – 2021

Selected Name List – Western Province Graduate Teaching Appointment 2021

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරී ගුරු තනතුරකට පත් කිරීම

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරී ගුරු තනතුරක් සදහා පත්වීම් ලබන3-1 (අ) හා අධ්‍යාපනවේදී 2-11 ශ්‍රේණියේ පත්වීම්ලාභීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානයබස්නාහිර පළාත් සභා නව කාර්යාල සංකීර්ණයේදී පහත පරිදි සිදුවේ.

දිනය – 2021.01.25

ස්ථානය – බස්නාහිර පළාත් සභා නව ශ්‍රවණාගාරය

01 අදියරයආසන අංක 01-140පෙ.ව.9.00 වන විට අදාල ස්ථානය වෙත පැමිණ අසුන් ගත යුතුය.
02 අදියරයආසන අංක 01-140පෙ.ව.11.30 වන විට අදාල ස්ථානය වෙත පැමිණ අසුන් ගත යුතුය.

පත්වීම්ලාභීන්ගේ නාම ලේඛණය

01 අදියර Name List ⇒

02 අදියර Name List ⇒

පත්වීම භාර ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය වෙත පැමිණෙන ඔබ පහත සඳහන් උපදෙස් පරිදි කටයුතු කල යුතුය 2021.01.25 දින ඉහත වෙන් කර ඇති වේලාවන් වල පමණක් පැමිණිය යුතුය. යම් හෙයකින් පත්වීම භාර ගැනීම සඳහා එදින පැමිණීමට අපොහොසත් වේ නම්0112093136 / 0112092883 යන දුරකතන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතුය.

ගර්භණී මාතාවන් / කුඩා දරුවන් ඇති පත්වීම්ලාභිනියන් සිටී නම් ඉහත දුරකතන අංක වලට දැනුම් දී පසු දිනයක් වෙන්කරවා ගෙන මෙම අමාත්‍යංශය වෙත පැමිණ පත්වීම් භාර ගැනීම වඩාත් සුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.

පත්වීම භාර ගැනීම සඳහා පත්වීම්ලාභියාම පැමිණිය යුතුය , කිසිදු හේතුවක් මත වෙනත් පාර්ශවයකට පත්වීම් ලිපිය ලබා ගත නොහැක.

තවද පත්වීම භාර ගැනීම සඳහා පත්වීම්ලාභියා පමණක් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණිය යුතු අතර,කිසිදු හේතුවක් මත ඔහු හෝ ඇය සමඟ සමඟ වෙනත් කිසිදු පාර්ශවයකට කාර්යාල පරිශ්‍රය වෙත ඇතුළු වීමට අවසර දෙනු නොලැබේ.

පත්වීම භාර ගැනීමට පැමිණීමේ දී ජාතික හැදුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් (විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය) රැගෙන ඒම අනිවාර්ය වේ.

කෝවිඩ් 19 වාතාවරණය හේතුවෙන් තම සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් සලස්වාගෙන පැමිණිය යුතු අතර එදිනට පැමිණීමේ දී මුඛ ආවරණය පැළඳ පැමිණීම හා නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පත්වීම භාර ගැනීමේ ලේඛන කටයුතු සඳහා තමන් විසින්ම නිල් හෝ කළු පෑනක් සපයා ගැනීම සුදුසුය.

එදිනට සුදුසු ඇදුමකින් සැරසී පැමිණෙන්න.

පත්වීම්ලාභී නාමලේඛනයේ ඔබට හිමි ආසන අංකය සදහන් කර ඇති අතර , පත්වීම් ප්‍රදානයේ ලියාපදිංචි කටයුතු සදහා ඔබගේ එම ආසන අංකය අමාත්‍යංශ නිලධාරීන් වෙත දැනුම් දිය යුතුය.

**පත්වීම්ලාභීන් තමා ස්ථානගත කරන , බස්නාහිර පළාතේ ඕනෑම පාසලක සේවය කිරීමට එකඟ විය යුතුය.

Source : Education Ministry (W. P.)

View Details in Tamil / மேல் உள்ள விபரங்களை தமிழில் அறிய:

Advertisement

Leave a Reply

Your email address will not be published. Required fields are marked *